වේළිඔය මහජන පුස්තකාලය
කල්තොට, වේළිඔය, වැලිපතයාය සහ අවට ප්‍රදේශවල ජිවත් වන දැනුම් ගවේශනය කරන ජනතාවගේ ප්‍රයෝජනය සඳහා 2018 පෙබරවාරි 19 දින ආරම්භ වූ වේළිඔය මහජන පුස්තකාලය තවදුරටත් තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයකි. වර්තමානය වන විට පොත් 2791ක් මෙහි ගබඩා කර ඇත.
පිහිටීම:
බළන්ගොඩ නගරයෙන් කල්තොට මාර්ගය හරහා කි.මී. 38 ක් පමණ පැමිණිවිට වේළිඔය බස් නැවතුම්පල ඉදිරිපිට බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් වේළිඔය මහජන පුස්තකාලය පිහිටා ඇත.
විවෘතව තබන වේලාවන්:
සඳුදා සිට සිකුරාදා දක්වා – පෙ.ව. 08.30 සිට ප.ව. 04.15 දක්වා
දුරකථන අංකය: 045 – 2289621
මහජන පුස්තකාලයේ අංශ:
- බැහැර දෙන අංශය
- විමර්ශන අංශය
- ළමා අංශය
- පුවත්පත් අංශය
- කියවීම් අංශය
- විශේෂ එකතු අංශය
- ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය
- සඟරා අංශය
- පොත් බැඳුම් අංශය
පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමවේදය:
- මුදල් ගෙවා අයදුම්පත ලබා ගැනීම.
- අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් අයෙකු ලවා සහතික කිරීම:
- ග්‍රාම නිලධාරී
- සාමදාන විනිසුරුවරයෙක්
- ප්‍රාදේශීය සභා සභිකයෙකු
- රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියෙකු
- පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිගේ සහතිකය
- අයදුම්කරු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු, දේපල හිමියෙකු හෝ ස්ථිර රැකියාවක නියැලෙනා කෙනෙකු විය යුතුය.
- සම්මත සාමාජික ගාස්තුව රු. 100.00 (වසර දෙකකට එක්වරකට)
- අළුත්වැඩියාව සඳහා රු. 50.00
- ළමා සාමාජිකත්ව ගාස්තුව – රු. 50.00
පොත් බැහැර දීමේ ක්‍රමය:
- එක් වරකට පොත් දෙකක් (02) බැහැර ගත හැක.
- බැහැර ගත් පොත් දින 14 ක් ඇතුළත ආපසු භාර දිය යුතුය.
- ප්‍රමාදවූ එක් දිනකට එක් පොතකට රු. 2.00 ක දඩ මුදල අය කෙරේ.