බළන්ගොඩප්‍රාදේශීය සභාවේ සේවාලාභී ප්‍රඥප්තිය
අප ඔබට සේවා සැපයීමේදී අවංකව, නීත්‍යනුකූලව, වගකීමෙන්, අපක්ෂපාතීව, අවබෝධාත්මකව, ගෞරවාන්විතව, ඵලදායීව, විනිවිද භාවයෙන් හා ප්‍රමාදයන්ගෙන් තොරව කාර්යක්ෂම සේවා ලබාදීමට ක්‍රියා කරමු. අපගේ ප්‍රතිලාභීන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් අවබෝධයෙන් යුතුව, නීත්‍යානුකූලවත්, අවංකවත් තමාගේ කාර්යය ඉටු කරවා ගැනීමට අවශ්‍ය තොරතුරු නිවැරදිවත්, අප්‍රමාදවත්, අප වෙත ලබා දෙනු ලැබේ යන්න අපේක්ෂාවයි. අපි අනිවාර්යයෙන්ම ඔබගේ සියලු ඉල්ලීම් සදහා පිළිතුරක් ලබා දීමට බැදී සිටිමු. ඒ අනුව ඔබගේ ඉල්ලීම් සමග ඔබ විසින් සැපයිය යුතු සියලු අවශ්‍යතා අප වෙත ලබා දෙනු ලැබුවේ නම් ඔබට අපගේ සේවය දින 07ක් ඇතුළත ලබා දීමට අපි කටයුතු කරමු. අප සපයන සේවාව හා ඊට ඔබගෙන් ලැබෙන සහයෝගය සහ දායකත්වය පහත සදහන් ආකෘතියට අනුව සපයනු ලබන්නේ නම් එහි සදහන් කාලවකවානුව තුළ ඉටුකර දීමට හැකියාව ඇත.
සැලකිය යුතුයි:
මෙහි සදහන් කාල සීමාවන් වලංගුවන්නේ ඔබ විසින් සපයනු ලබන තොරතුරුවල නිවැරදිභාවය හා බාහිර ආයතන වලින් ලබාගත යුතු නිර්දේශ කල්වේලා ඇතුව ලබාදුන් විට පමණි.