බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ඉතිහාසය
“හෙලඋඩ පළාත් ගම් කාර්ය සභාව” යනුවෙන් ආරම්භයේ සිට පැවත ආ මෙම සභාව පසුව “දාමහන ගම් සභාව” සහ “රාස්සගල ගම් සභාව” වශයෙන් සභා දෙකකට වෙන් විය. 1980-01-01 දින සිට දිස්ත්‍රික් සංවර්ධන සභා ආරම්භ වීමත් සමගම “දාමහන ගම් සභාව” රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ ප්‍රධාන කාර්යාලය වූ අතර “රාස්සගල ගම් සභාව” එහි උප කාර්යාලය විය. 1987-12-31 දින සිට දිස්ත්‍රික් සංවර්ධන සභාව අහෝසි වීම හේතුවෙන් 1988-01-01 දින සිට “ප්‍රාදේශීය සභාව” ඇති විය. එදින සිට රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ දාමහන හා රාස්සගල කාර්යාල අහෝසි වී 1988-01-01 දින සිට “බළන්ගොඩ ප්‍රාදේශීය සභාව” සංස්ථාපනය විය.