ඇල්ලෙපොළ ඇල්ල

රත්නපුර බලංගොඩ මාර්ගයේ ඇල්ලෙපොල ගම්මානයේ මෙම මනස්කාන්ත දිය ඇල්ල පිහිටා තිබේ. වේ ගඟ ආශ්‍රිතව ඇද හැලෙන මෙම දිය ඇල්ලේ චමත්කාරජනක බව දර්ශනය වන්නේ ඇල්ලෙපොල හරහා ගල්ලින්න දක්වා වැටී ඇති මාර්ගයේ 1 කි.මි. පමණ ගිය පසුය. උසින් අඩි 60 ක් හා පළලින් අඩි 40 ක් පමණ වන මෙම දිය ඇල්ල ගල්ලින්න මාර්ගයේ සිට නරඹන්නකුට කිරි පාට පෙන බුබුළු නංවමින් නිහතමානීව ඇද හැලෙන ආකාරය දැක ගත හැකිය. වැසි කාලයට මෙහි සුන්දරත්වය හොඳින් දැක ගත හැකිය. කෙතරම් සුන්දර වුවත් දියඇල්ල සමීපයට යාම අනතුරුදායකය. එබැවින් මෙහි සුන්දරත්වය රිසි සේ විඳ ගත හැක්කේ දුර සිට නැරඹීමෙනි.