මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම
1. හැඳින්වීම
බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු විසින් පානීය ජල සම්බන්ධතාවක් නැතහොත් වෙනත් යම් ආකාරයක සේවා හෝ සම්බන්ධතා ලබා ගැනීමේදී මාර්ග පළුදු කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වීම මත මෙම අවසර ලබා ගැනීම සිදු කරනු ලබයි. සේවා සපයනු ලබන කිසියම් සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් අදාළ සම්බන්ධතාව ලබා ගැනීම හෝ සැපයීමට පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළුදු කරමින් භූගත ව සිදු කළ යුතු වන අවස්ථාවක දී, අදාළ මාර්ගයට කරනු ලබන පළුදු කිරීම යථා තත්ත්වයට පත් කිරීමට වැය වන මුදල පියවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවස්ථාවෝචිත පරිදි සේවා සම්පාදකයා හෝ සේවා ලාභියා විසින් මේ මුදල සභාවට ගෙවිය යුතු ය.
2. නීතිමය අධිකාරය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ III කොටසේ 21 වන වගන්තිය.
3. සුදුසුකම්
(අ) සේවා සම්පාදනයක් සැලසීමේ දී හෝ සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේ දී පළාත් පාලන ආයතනය සතු මාර්ගයක් පළුදු කිරීමට සිදු වන අවස්ථාවක දී, සේවා සැපයුම්කරු හෝ සේවාලාභියා මේ ඉල්ලීම කිරීමට සුදුසුකම් ලබනු ඇත.
(ආ) පළාත් පාලන ආයතනය සතු මාර්ග සම්බන්ධයෙන් පමණක් මෙම පහසුකම අදාළ වේ.
4. ගාස්තුව
මාර්ග නිර්මාණය කළ ඉදිකිරීම් ද්‍රව්‍ය අනුව සභාව විසින් කලින් කල තීරණය කර නියම කරනු ලබන ගාස්තුවක් සහ ආරක්ෂිත ඇප තැන්පතුවක් ගෙවිය යුතු ය.
සටහන: මාර්ගය පළුදු කිරීමෙන් පසුව එය යථා තත්ත්වයට පත් කිරීමේ දී, එක් ඝන අඩියකට වැය වන මුදල කොපමණ ද යන්න, [මාර්ගයේ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගය (තාර, කොන්ක්‍රීට්, අන්තර් සම්බන්ධිත ගල්, ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් – කාපට් – හෝ වෙනත්] තාක්ෂණ නිලධාරි විසින් කරනු ලබන නිර්දේශයක් අනුව මේ තීරණය ගනු ලැබිය යුතු ය.
5. ඉදිරිපත් කළ යුතු ලේඛන
- අදාළ ඉල්ලීම් ලිපිය
- සේවා සපයනු ලබන කිසියම් සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් අදාළ සම්බන්ධතාව ලබා ගැනීමට අදාළව ඉදිරිපත් කර ඇති ලියවිලි