කිරිමැටිතැන්න මහජන පුස්තකාලය
බළන්ගොඩ කිරිමැටිතැන්න, දෙපෑලමුල්ල හා අසළ පදිංචියෙන් සිටින දැනුම සෙවියන මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා, 1995 මාර්තු 01 වන දින ආරම්භ කරන ලද කිරිමැටිතැන්න මහජන පුස්තකාලය මේ වනවිට තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයකි. මහජනතාවගේ පරීක්ෂණය සඳහා පොත් අට දහස් දෙසිය විසිපහ (8225) ක් පමණ මෙහි ගබඩා කර ඇත.
පිහිටීම:
බළන්ගොඩ නගරයෙන් රාස්සගල මාර්ගයේ කිලෝමීටර් 4 කට පමණ ගිය විට විල්සන් බේකරිය අසල බැස මීටර් 10 කින් ඉදිරියට ගිය විට මාර්ගයේ දකුණු පසින් බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කිරිමැටිතැන්න මහජන පුස්තකාලය පිහිටා ඇත.
විවෘත වේලාවන්: සතියේ වැඩ කරන දින පහ — පෙ.ව. 08.30 සිට ප.ව. 4.15 දක්වා
දුරකථන අංකය: 045-2289621
කිරිමැටිතැන්න මහජන පුස්තකාලයේ අංශ:
- බැහැර දෙන අංශය
- විමර්ශන අංශය
- ළමා අංශය
- පුවත්පත් අංශය
- කියවීම් අංශය
- විශේෂ එකතු අංශය
- ශ්‍රව්‍ය-දෘශ්‍ය අංශය
- සඟරා අංශය
- පොත් බැඳුම් අංශය
පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමවේදය:
- මුදල් ගෙවා සාමාජික අයදුම්පත ලබා ගැනීම.
-
අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් අයෙකුගේ සහතිකය ලබාගත යුතුය:
- පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී
- සාමදාන විනිශ්චයකාරවරයෙක්
- ප්‍රාදේශීය සභාවේ සභිකයෙක්
- රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියෙක්
- පාසල් අයදුම්කරුවකු නම් විදුහල්පතිගේ සහතිකය
- අයදුම්කරු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු, දේපළ හිමියෙකු හෝ ස්ථිර රැකියාවක නියැලෙන්නෙකු විය යුතුයි.
- සාමාන්‍ය සාමාජික ගාස්තුව රු. 100.00. නවීකරණය වර්ෂ 2කට වරක් රු. 50.00.
- ළමා සාමාජික ගාස්තුව රු. 50.00.
පොත් බැහැර කිරීමේ ක්‍රමවේදය:
- එක් වරකට පොත් 2 ක් බැහැර ගැනීමට හැක.
- බැහැර ගත් පොත් දින 14ක් ඇතුළත නැවත භාරදිය යුතුය.
- දිනපතා ප්‍රමාද මුදල — එක් පොතකට රු. 2.00.