බුලත්ගම මහජන පුස්තකාලය

බළන්ගොඩ බුලත්ගම, රාස්සගල ආදී අවට ප්‍රදේශවල දැනුම සොයන මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා 1985 වන වර්ෂයේ මැයි මස 05 වන දින ආරම්භ වූ බුලත්ගම මහජන පුස්තකාලය, වර්තමානය වන විට තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයකි. මහජනතාවගේ පරීක්ෂණය සඳහා දැනට පොත් අට දහස (8000)ක් මෙහි ගබඩා කර ඇත.

පිහිටීම:

බළන්ගොඩ නගරයේ සිට රාස්සගල මාර්ගයේ කිලෝමිටර් හතර (4)ක් පැමිණි විට විල්සන් බේකරිය හමුවේ සිට මීටර් දහය (10)ක් ඉදිරියට ගිය විට මාර්ගයේ දකුණු පසින් බුලත්ගම මහජන පුස්තකාලය පිහිටා තිබේ.

විවෘතව තබන වේලාවන්: සතියේ වැඩ කරන දින පහ — පෙ.ව. 08.30 සිට ප.ව. 4.15 දක්වා

දුරකථන අංකය: 045 - 2289621

මහජන පුස්තකාලයේ අංශ:

  • බැහැර දෙන අංශය
  • විමර්ශන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් අංශය
  • කියවීම් අංශය
  • විශේෂ එකතු අංශය
  • ශ්‍රව්‍ය දෘෂ්‍ය අංශය
  • සඟරා අංශය
  • පොත් බැඳුම් අංශය

පුස්තකාල සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය:

  • මුදල් ගෙවා සාමාජික අයදුම්පත ලබා ගැනීම.
  • අයදුම්පත සම්පූර්ණ කර පහත සඳහන් අයෙකු ලවා සහතික කරවා ගත යුතුය:
    • පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී
    • සාමදාන විනිශ්චයකාරවරයෙක්
    • ප්‍රාදේශීය සභාවේ සභිකයෙක්
    • රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියෙක්
    • පාසල් අයදුම්කරුවකු නම් විදුහල්පත්වරයාගේ සහතිකය
  • අයදුම්කරු ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ පදිංචිකරුවකු, දේපල හිමියෙකු හෝ ස්ථිර රැකියාවක නියැලෙන්නෙකු විය යුතුය.
  • සාමාන්‍ය සාමාජිකයෙකු සඳහා සාමාජික ගාස්තුව රුපියල් සියය (100.00) කි. වර්ෂ දෙකකට වරක් සාමාජිකත්වය අළුත් කිරීම සඳහා මුදල් ගෙවා ලබාගත් සාමාජික අයදුම්පතක් සමග රුපියල් පනහ (50.00) ක සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුය.
  • ළමා සාමාජිකයෙකු සඳහා සාමාජික ගාස්තුව රු. 50.00ක්.

පොත් බැහැර දීමේ ක්‍රමවේදය:

  • පුස්තකාල සාමාජිකයින් සඳහා ලබාදෙන බලපත්‍රයෙන් එක් වරකට පොත් දෙකක් (02) බැහැර කිරීමට අවසර ඇත.
  • බැහැර ගෙනයන පොත් දින 14 ක් තුළ පුස්තකාලයට නැවත භාරදිය යුතුය.
  • පොත් බාරදීමට ප්‍රමාද වන එක් දිනකට එක් පොතකට රු. 02 ක් වරද මුදලක් අයකරනු ඇත.