ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය තහවුරු කිරීම
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය තහවුරු කිරීම යනු සෑම පුද්ගලයෙකුටම සෑම කාලයකදීම ප්‍රමාණවත්, ආරක්ෂිත හා පෝෂණීය ආහාර ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ බෙදාහැරීම සෞඛ්‍ය සම්මතයන්ට අනුව සිදු විය යුතුය.
සමතුලිත ආහාර රටාවක් මඟින් ශාරීරික වර්ධනය, ශක්තිය සහ රෝග ප්‍රතිරෝධය වැඩි කර ගත හැකි අතර, විශේෂයෙන් ළමුන්, ගර්භණී මවුන් සහ වැඩිහිටියන් සඳහා පෝෂණ අවශ්‍යතා නිසි ලෙස සපුරාලීම අත්‍යවශ්‍ය වේ.
එමඟින් අඩු පෝෂණය, රෝග සහ සමාජ ආර්ථික ගැටළු අවම කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කර බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට ළඟා කිරීම අප සතු වගකීමකි.
- පෝෂ්‍යදායි භෝග වගාවට ජනතාව හුරු කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම හා බීජ ඇට බෙදා දීම.
- ආහාර සුරක්ෂිතතාවය මඟින් බෝනොවන රෝග පාලනය කිරීම.
- ස්වයං රැකියා ප්‍රවර්ධනය කිරීම මඟින් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම.