පොදු වැසිකිළි නඩත්තුව
පොදු වැසිකිළි නඩත්තු කිරීම සෞඛ්‍ය සම්පන්න සමාජයකට අත්‍යවශ්‍ය වේ. නිතිපතා පිරිසිදු කිරීම, වතුර සැපයුම පවත්වාගෙන යාම, කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන් හරි හැටි ක්‍රියාත්මක කිරීම සහ බිඳුණු උපකරණ වහාම අලුත්වැඩියා කිරීම රෝග වළක්වා ගැනීමටත් පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් උපකාරී වේ.
නිසි නඩත්තුවක් නොමැති වැසිකිළි භාවිතයෙන් බෝවන රෝග, දුගඳ සහ පාරිසරික ගැටළු ඇති විය හැකි අතර, මෙය වැළැක්වීම සඳහා සෑම පුරවැසියෙකුගේම සහයෝගය අත්‍යවශ්‍ය වේ.
එබැවින් පොදු වැසිකිළි පිරිසිදු සහ ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීම සෑම කෙනෙකුගේම වගකීමක් ලෙස සලකා ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වේ.
පොදු වැසිකිළි නඩත්තුව හා වැසිකිළි ඉදිකිරීම සඳහා ආධාර ලබා දෙමින් බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.
අප විසින් පොදු වැසිකිළි නඩත්තු කරන ස්ථාන:
- වේළිඔය සති පොළ වැසිකිළි පද්ධතිය
- දූවිලි ඇල්ල රථවාහන අංගනයෙහි වැසිකිළි පද්ධතිය
- බුදුගල රථවාහන අංගනයෙහි වැසිකිළි පද්ධතිය