මත්ද්‍රව්‍ය නිවාරණය
මත්ද්‍රව්‍ය යනු තරුණ පරපුරේ අනාගතය විනාශ කරන මාරක උවදුරකි. එයින් ඇති වන කායික, මානසික හා සමාජීය හානි අපමණය.
එබැවින් මත්ද්‍රව්‍යවලින් ඈත්ව සිටිමින් ජීවිතය ආරක්ෂා කරගැනීමත්, රටේ අනාගතය ගොඩනැගීමත් අප සැමගේ වගකීමකි.
මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අධ්‍යාපනය, දැනුවත් කිරීම සහ සමාජ සහයෝගය අත්‍යවශ්‍ය වේ.
එම කාර්යයේ මුලිකත්වය ගනිමින් අප පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සමඟ අත්වැල් බැඳ ගනිමින් බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.