සුනඛ එන්නත්කරණය

සුනඛ එන්නත්කරණය යනු සුනඛයන්ට බෝවන හා මාරාන්තික රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි.

පාර්වෝ, ජලභිතීකාව වැනි රෝගවලට එරෙහිව එන්නත් ලබා දීම මඟින් සුනඛයාගේ සෞඛ්‍යය රැක ගත හැකි අතර, නියමිත වයසට පත්වීමෙන් පසු වෛද්‍ය උපදෙස් අනුව නියමිත කාලසීමාවන් තුළ එන්නත් ලබා දීම ඉතා වැදගත් වේ.

එන්නත්කරණයෙන් සුනඛයා පමණක් නොව, මනුෂ්‍ය සමාජය ද රෝග පැතිරීමෙන් ආරක්ෂා වේ.

එබැවින් වගකීම් සහිත සත්ත්ව හිමිකරුවෙකු ලෙස සුනඛ එන්නත්කරණයට අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සහය ලබා දෙමින් බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.