කිරිමැටිතැන්න නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව

පිහිටීම:

බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මි.3ක් පමණ පැමිණිවිට කිරිමැටිතැන්න හන්දිය පිහිටා තිබේ. එම හන්දියේ බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කිරිමැටිතැන්න නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව පිහිටා තිබේ.

වෛද්‍යවරිය: එම්.එල්. දියණි ගුණදාස (යුනානි වෛද්‍ය සහ ශෛල්‍ය වෛද්‍යවේදී)

ප්‍රතිකාර කරන වේලාවන්:

  • සතියේ වැඩ කරන දින 05: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
  • සෙනසුරාදා: පෙ.ව. 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා

වැඩි විස්තර සදහා: නිවන්ති ජයවර්ධන මිය - 045-2287276

කාර්යයන්:

  • රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම.
  • ප්‍රාදේශීය සභා සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
  • ඔසු පැන් හා කොළ කැඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • මාතෘ සායනවලට, පෙර පාසල් ළමුන්ට පෝෂණ ආහාර වේල් ලබා දීම මඟින් ප්‍රජාව සඳහා සේවා සැපයීම.