බුලත්ගම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
පිහිටීම:
බළන්ගොඩ නගරයේ සිට රාස්සගල මාර්ගයේ කි.මි.4ක් පමණ පැමිණ විල්සන් බේකරිය අසල බැස මීටර් 10ක් පමණ ඉදිරියට ගිය විට මාර්ගයේ දකුණු පස බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් බුලත්ගම නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව පිහිටා තිබේ.
වෛද්‍යවරිය: කේ.එල්.ඡේ.ශ්‍රීමාලි මිය (ආයුර්වේද සර්වාංග)
ප්‍රතිකාර කරන වේලාවන්:
- සතියේ වැඩ කරන දින 05: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
- සෙනසුරාදා: පෙ.ව. 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා
දුරකථන අංකය: 045-2289621
කාර්යයන්:
- රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම.
- ප්‍රාදේශීය සභා සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
- ඔසු උයනක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීම.
- ඔසු පැන් හා කොළ කැඳ නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- මාතෘ සායනවලට, පෙර පාසල් ළමුන්ට පෝෂණ ආහාර වේල් ලබා දීම මඟින් ප්‍රජාව සඳහා සේවා සැපයීම.
ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කල සේවයට ලබා ගෙන ඇති සම්මාන:
| වර්ෂය | ඡයාග්‍රාහි මට්ටම | ස්ථානය |
|---|---|---|
| 2010 | රත්නපුර දිස්ත්‍රික්කය | ප්‍රථම ස්ථානය |
| 2013 | රත්නපුර දිස්ත්‍රික්කය | තෙවන ස්ථානය |
| 2014 | රත්නපුර දිස්ත්‍රික්කය | ප්‍රථම ස්ථානය |
| 2016 | සබරගමු ව පළාත | දෙවන ස්ථානය |
| 2017 | සබරගමු ව පළාත | තෙවන ස්ථානය |
| 2022 | සබරගමු ව පළාත | ප්‍රථම ස්ථානය |