දරිද්‍රතාවය අවම කිරීම සහ පෝෂණය ඉහළ නැංවීම

දරිද්‍රතාවය යනු සමාජයේ මූලික ගැටලුවක් වන අතර, එය අවම කිරීමෙන් පෝෂණය ඉහළ නැංවීමට සෘජු මාර්ගයක් විවර වේ. දරිද්‍රතාවය සහ පෝෂණ අඩු වීම එකිනෙකට බැඳුණු ගැටළු දෙකකි.

දරිද්‍රතාවය නිසා පවුල්වලට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමේ හැකියාව අඩු වේ. එමඟින් විශේෂයෙන් ළමුන්ගේ සහ මව්වරුන්ගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රැකියා ඇති කිරීම සඳහා අවශ්‍ය මුලික දැනුම ලබාදීම, ඒවා ක්‍රියාත්මක කර ගැනීමට අත්වැල සැපයීම හෝ ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු ලබා දීම අත්‍යවශ්‍ය වේ.

මේ සියල්ල ක්‍රියාත්මක කරමින් බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.