ළමා මාතෘ රැකවරණය සහ පෝෂණය තහවුරු කිරීම

මාතෘ හා ළමා රැකවරණය හා පෝෂණය තහවුරු කිරීම යනු ගර්භණී කාලයේ සිට ළමාවියේ මුල් අවධිය දක්වා මවටත් දරුවාටත් අවශ්‍ය සෞඛ්‍ය සේවා, පෝෂණීය ආහාර සහ ආරක්ෂාව සැපයීමයි.

ගර්භණී මවට නියමිත කාලවල වෛද්‍ය පරීක්ෂණ, පෝෂණීය ආහාර සහ විටමින් ලබා දීම මවගේත් දරුවාගේත් සෞඛ්‍යය රැකගැනීමට අත්‍යවශ්‍ය වේ. උපතෙන් පසු දරුවාට මව්කිරි පෝෂණය, නියමිත එන්නත්කරණය සහ පිරිසිදු පරිසරයක් ලබා දීම ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට දායක වේ.

එසේම, මවට මානසික සහ සමාජීය සහය ලබා දීම පවුලේ සමස්ත සෞඛ්‍යය වර්ධනය කිරීමට උපකාරී වේ. මේ සියල්ල සමාජයේ සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් පරපුරක් ගොඩනැගීමට මූලික වේ.

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.

  • පෝෂණ වැඩසටහන් පැවැත්වීම.
  • අඩු ආදායම්ලාභි පවුල්වල ගර්භණී මව්වරු සඳහා පෝෂණ මලු බෙදා දීම.
  • අඩු ආදායම්ලාභි පවුල්වල පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන් සඳහා පෝෂණ මලු බෙදා දීම.
  • මාතෘ ළමා රැකවරණ මධ්‍යස්ථාන සඳහා පහසුකම් ලබා දීම.